Friday, July 29, 2016

දුනියාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ

මේ කනගාටුදායක සිදුවීම ලංකාවේ වෙච්ච දෙයක් නං  නොවෙයි.

 එක සිද්ද උනේ  දුනියාවේ. ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. ඇයි කිව්වොත් ලංකාවේ මිනිස්සු හරි හොඳ  නිසා. දුනියාවේ  අතරින් පතරේ සිරාවටම හොඳ මිනිස්සු කීපදෙනෙකුත් ඉන්නවා. ඒත් ඒ හැම කෙනෙක්ම නරක එකාට යටයි. මේ යුගයේ නරකම දේ නරක මිනිස්සු ඉස්සරහදී හොඳ මිනිස්සු කට වහං  ඉන්න එක තමයි. දැක්කේ නැහැ වගේ අහක බලාන යනවා මොන විපතක්  වෙලා තිබුනත්.

දුනියාවේ ඉන්නවා එක අක්ක කෙනෙක්. ඒ අක්කගේ වැඩේ පාරේ අසරණ වෙලා ඉන්න බලු පැටවුන්ට සරණ යාමයි. දවසක් මේ අක්ක ගමනක් යනකොට දැක්කලු ගෝනි මල්ලක් පාර අයිනේ දඟල දඟල ඉන්නවා. දුනියාවනේ ඉතිං............... . ලංකාවේ වගේ නෙවෙයි ගෝනි මලුත් නටනවලු. ඒ වුනත් ඒ අක්කා  මල්ල ඔබල බලන්නේ නැතිව ඇරලම බලලා. හත් දෙයියනේ ඇතුලේ ඉඳල තියෙන්නේ ඇල්සේසන් බල්ලෙක්. අර GSD කියන්නේ. අන්න ඒ ජාතියේ එකෙක්. නමුත් කට Cable Tie එකකින් කිටිකිටියේ බැඳලා දාලා. ඇඟේ  තුවාලයකුත් එක්ක. ඉතින් අර අක්කා  බල්ලා  එක්ක සෙල්ෆි ගහන්නැතිව ඉක්මනටම බල්ලාගේ කට බැඳලා තිබුණු  Cable Tie එක ගලවලා වෙට්  දොස්තර මහත්තය ගාවට ගෙනියල තිබුනා.


Caitlyn the dog
අන්තර්ජාලයෙන් ලබා ගන්නා ලද චායාරුපයකි



දිග කතාව කොටින් කිව්වොත් ඒ බල්ලාව  මාසයක් විතර වෙට් මහත්තය ගාව තියල ප්‍රතිකාර කලත් ඒ වෙනකොට බල්ලා ඉතාම දුර්වල තත්වයක හිටියේ. හරිහමන් විදියට කෑම බීම නොලැබීමත් තුවාලවලට අවශ්‍ය වෙලාවේ ප්‍රතිකාර නොලැබීමත් නිසා එයා දුර්වල වෙලා හිටියේ. අර අක්කලා මොන උත්සාහය කලත් බල්ලා  ගොඩ ගියේ නැහැ. අර කියන උසස් වර්ගෙට උපන් බල්ලා පුදුමාකාර දුකක් විඳවලා, විඳවලා මැරුණා  දුනියාවේ මිනිස්සුන්ගේ තරම තමා ඒ.



ඒ මිනිස්සු දන්නේ නැති දේ තමා GSD  බල්ලෝ ගෙදර හිටියම තමන් හරි ලොක්කෝ වගේ අනිත් අයට පෙනෙනවා කියල හිතුවට ඇත්තටම එහෙම එකක් නැති බව. තමන්ගේ හොඳකම ලෝකෙට පෙනෙන්නේ තමන් අර ගෙදරට ගේන  සතාට සලකන ආදරය කරන විදියට මිසක් වෙන මොනම දෙයකින්වත් නොවන බව උං  දන්නේ නැහැ .



දුනියාවේ අලුත්ම රැල්ල මේක තමා. වියදං  දරන්ඩ  බැරි උනත් බැරි මරගාතේ නමගිය ජාතියක බල්ලෙක් කොහෙන් හරි හොයාගන්න එක. මිනිසත් බව ලබා ඉපිද  මිනිසත් බවට නොබිණා අයුරින් කටයුතු කිරීම දුනියාවේ බහුතරයකගේ ලක්ෂණයක්. එත් සත්තු ලෙඩ උනාම පාරට දාන එකනං  මහා පව්කාර වැඩක් හොඳේ. කළකම් පලදෙන දවස වැඩි දුර නැහැ දුනියාවේ වැසියනේ

මෙහෙම වංසක්කාර  බලු නාම්බෝ නාම්බියෝ නකුටු ගැහිලා ලෙඩවලා අතෑරලා දාල   පාරේ ඉන්නකොට අර වගේ අක්කලා කොහොම හරි වෙදකම් කරලා හොඳ කරුණාවන්ත මිනිස්සු ඉන්න ගෙවල් හොයලා දෙනවා.

ලංකාවේ නම් මෙහෙම වෙන්නේ නැහැ.
------------------------------------------------------------------------------------------------------------

  ලංකාවේ  බල්ලන් බළලුන් වැනි සතුන් කෙරෙහි දක්‌වන ආදරය හා හිතවත්කම මහ පුදුම එකකැයි කිවයුතුය. හැම නිවසක ම පාහේ හුරතලයට තනි නොතනියට ඇති කරන බල්ලා හෝ බළලා සිය පවුලේ ම කෙනකු හැටියට සැළකීමට තරම් ඔවුහු කාරුණික වෙති.

මෙසේ සිය පවුලේ සාමාජිකත්වයට පත් කරගනු ලැබූ බල්ලා හෝ බළලා හෝ එතැන් සිට එම පවුලේ සියලු අයිතිවාසිකම් වලට හිමි කාරයෙක්‌ ද වේ. ඒ නිසා සිය දූ පුතුන්ට මෙන් ආදරය කරුණාව දැක්‌වීම දුක සැප සොයා බැලීම ආදී සියලු දේ නො අඩුව ඉටුකිරීම භාර කරුවන්ගේ වගකීම වේ. ඔවුන් බල්ලාට කථා කරන්නේ තම දුවට හෝ පුතාට හෝ අමතන තරම් බලවත් සෙනෙහසකින් යුතුව ය. එපමණක්‌ නොව, නියමිත දින නියපොතු කැපීම  නෑවීම නියමිත වෙලාවට ආහාරදීම ලෙඩ වූ විට වෛද්‍යවරයා වෙතට කැඳවා ගෙන යාම ආදී සියලු සැප පහසු හා අවශ්‍යතා සැලසීමට භාරකාරයා  බැඳී සිටින්නේ ය.   . ඉඳුල් කෑම ඉවතලන ආහාර මස්‌කටු ආදිය   ලංකාවේ  බල්ලන්ට දීමේ සිරිත කොහොමවත් නැති බව කිව යුතුය.

එසේ ම   ලංකාවේ සිටින බල්ලන් හා බළලුන් තුළ පවතින ගති ගුණ ද ඉතා යහපත් බව කිව හැකිය. විශ්වාසවන්තකම කීකරුකම ස්‌වාමි භක්‌තිය ආදී ගුණාංග තුළින් මේ රටවල බල්ලන් පවා දක්‌වන්නේ හොඳ ආදර්ශයකැයි මම සිතමි. ඇතැම්විට අන්තිම කැමැති පත්‍රයෙන් සිය බූදලය බල්ලා නමට ලියා තබා මිය යන දෙමහල්ලන් ගැන අසන්නට ලැබෙන අවස්‌ථා ද නැත්තේ ම නො වේ. මෙය බල්ලන් තුළ පවතින ගුණ යහපත්කම්  ලංකාවේ  සමහර දෙනා අගය කරන අන්දම තේරුම් ගැනීමට හොඳ සාක්‌ෂ්‍යකැයි අදහස්‌ කරමි.

  ලංකාවේ රූපවාහිනියෙන් ඉදිරිපත් කල  Lassie නමැති බල්ලා පිළිබඳ තොරතුරු සැබවින් ම ආදර්ශවත්ය. Lassie උසස්‌ මිනිස්‌ ගති ස්‌වකීය චරිතයෙන් හා ක්‍රියාකාරකම් තුළින් විදහා දක්‌වන ලැසී තිරිසන් ස්‌වරූපයෙන් පෙනී සිටින මනුෂ්‍යයෙකි යි කිව යුතුය.

එපමණක්‌ නොව ලංකාවේ  සමහර දෙනා තිරිසන් සතුන් කෙරෙහි දක්‌වන ආදරය කරුණාව හා හිතවත් භාවය බෙහෙවින් අගය කළ හැකිය. සමහරු විසින්  තම නිවසේ ඉතා ආදරයෙන් ඇති දැඩි කළ වසර ගණනක්  තම පවුලේ කෙනකු ලෙස එකට ජීවත් වූ සතෙකු  මිය යාම නිසා ඒ සතාට පින්දීමට දානමය   පින්කමක් සිදුකරන අවස්ථා පවා අප දැක ඇත ..............

ලංකාවේ මිනිස්සු එහෙමයි.

Monday, May 30, 2016

සුරතල් සතුන් හා ගංවතුර - සුදානම් වන්න............

ගංවතුර දැන් ටිකටික  බැහැගෙන යමින් පවතී.. එය   සතුටට කරුණකි. පසුගිය කාලයේ සිදුවුණු සිදුවීම් බොහෝ සිත් රිදවන සුළු ඒවාය. එයින් බොහොමයක් සිදුවීම් වලක්වා ගන්නට හැකියාවක් තිබු ඒවා යැයි  අප හට සිතෙන බව කිව යුතුය. නොයෙක විධ සත්ව සංවිධානයන්ට අයත් සාමාජිකයින් බොහෝ කැපවීමෙන් මේ කාලය තුල ජීවිත ගණනාවක් බේරා  ගැනීම පිණිස කාලය වැය කලේ දිවා රෑ  බලන්නේ නැතිවයි.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිකුත් කරන ලද  අලුත් ම වාර්තාවට අනුව කැළණි ගගේ ජල මට්ටම සම්පූර්ණයෙන් ම වගේ සාමාන්‍ය තත්ත්වයට ළඟාවෙමින් තිබේ.. එහෙත් බොහෝ  පැතිවල ගංවතුර සම්පූර්ණයෙන් බැස  යන්න තව දවස් කීපයක්  ගත වේ  යැයි  පැවසේ .

වතුර බැස  ගියත් ඒ පැතිවල ජීවිත යථා තත්ත්වය පත්වෙන්න තව සති ගාණක කාලයක් ගතවේවි.

ඔබ ඔබේ ප්රදේශයේ ගංවතුර වැනි  බිහිසුනු අවස්ථාවකට  මුහුණ දෙන විට, ඔබ නොපතන දෙය වන්නේ ජීවිත හානි සිදු වීමයි. ඒ ඔබගේ සුරතලාගේ ජීවිතය විය හැකියි.

ඔබේ පවුලේ අය හා දේපල මෙන්ම, ජල ගැලීම් කාලය තුල  ඔබේ සතුන් ආරක්ෂා කිරීම සඳහා හොඳම ක්රමය නම් මුලින්ම සැලසුම් සකසා තැබීමයි

ඔවුන්ගේ ආරක්ෂාව සහ සුබසිද්ධිය සඳහා ඔබේ සතුන් හැකිතරම් වියලි බිම් (නෑදෑ හිතවතුන්) වෙත වේලාසන රැගෙන යන්න.


සුරතල් සතුන් හා ගංවතුර - සුදානම් වන්න........................

ඔබගේ සුරතලා හදුනා ගැනීම පිණිස යමක් පළඳන්න. සබඳතා තොරතුරු (microchip and an identity tag, with up to date contact details, on their collar)

ඔවුන්ට ආහාර සහ අවශ්‍ය බෙහෙත් වර්ග රැස්  කර තබන්න.

සැමවිටම ඔබ ගෙදර නැතිවිට යම් හානිකාරී තත්වයක් ඇතිවන්නේ නම් ඔබගේ අසල්වැසියාට මැදිහත් වන ලෙස පවසා තබන්නට ඔබට හැකියි. ඔහු/ඇය  සුරතලාගේ දිවි ගලවාවී.

හදිසි පිටවීම් දොරටු සැම  විටම අවහිර නොකර තබන්න

අවධානයෙන් සිටින්න තොරතුරු දන සිටීම ඉතා වැදගත් කරුණක්. දේශීය රූපවාහිනී සහ ගුවන් විදුලි අනතුරු ඇඟවීම් වලට සවන් දීම හෝ දවසේ පැය 24 ඔබේ ප්රදේශයේ පිළිබඳ තොරතුරු සඳහා SMS සේවාවකට සම්බන්ධ වන්න.



සුරතල් සතුන් හා ගංවතුර - ගංවතුර අනතුරු ඇඟවීමක් තුළ කල යුතු දෑ ...........

 සියලු සතුන් නිවාස තුලට ගෙන, උඩු මහලක් ඇතිනම් ඔවුන් උඩට අරගෙන යන්න

ආරක්ෂිත  වියළි  ආහාර, ඇඳ ඇතිරිලි සහ නැවුම් ජලය උඩු මහලට  ගෙන යන්න.

ප්‍රවාහන කටයුතු වලට භාවිත කරන කුඩු (carrier) ලැහැස්ති කර තබන්න

 හුරු පුරුදු සෙල්ලම් බඩු තබා ගන්න.

අවදානම පහ වන තුරු ගංවතුර අවදානම් ප්රදේශයන්  පිටත ජීවත් වන පවුලේ සාමාජිකයෙකු හෝ මිතුරෙකු වෙත සතුන් රැගෙන යාමට කටයුතු කරන්න

මුද්‍රා තැබූ මල්ලක සුරතලාගේ එන්නත් පොත හා චායා  රුපයක් තබාගන්න. යම් හෙයකින් සුරතලා නැති වුව හොත් ඔබට මෙය උදව්වක් වේවි.

මතක තබාගන්න මේ ගං  වතුරට වඩා  සැර  ගංවතුරක් ඊළඟ වතාවේ ඔබ වෙත පැමිණෙන්නට ඉඩ ඇති බව. ඒ නිසා සැලකිල්ලෙන් කටයුතු කරන්න.


අප හට යම් වැදගත් යමක් මග හැරී ඇති නම් කොමෙන්ටුවකින් එය ඉදිරිපත් කරන්න ස්තුතියි!!!

Saturday, October 10, 2015

තිඹිරි ගෙයින් මහමග කුණු කාණුවට බැස්සවූ කුමරුන් තිදෙනාගේ කතාව

ඇත්තෙන්ම සතෙක් උනත් මනුස්සයෙක් උනත් මව් කුසෙන් බිහිවෙන්නේ තමන්ගේ ඉරණම අතමිටි කරගෙන. මේ  කතන්දරේ කියැවෙන්නෙ  එහෙම කුමාරවරු උප්පාද වෙන නැකත් වෙලාවක ඉපදිලා යම්කිසි කරුමෙකට පැය කීපයක් කුණු කානුවක බැහැල ඉන්ට සිද්දවෙච්ච කුක්කෝ කීපදෙනෙක් ගැනයි. එයාල ඉපදිලා තිබුනේ අගෝස්තු 10 වෙනිදා රාත්‍රියේ විය යුතුයි. 11 වනදා දහවල් වෙනවිට චුටි රත් පැහැ  ඇතුල් පතුල් සහිත පස් දෙනෙක්ගේ කණ්ඩායමක් වත්තල පැත්තේ කාණුවකට විසිකරලා ගිහින් තිබුනේ බැල්ල  විසින් ඉවත් කෙරුණු පෙකණිවැල්  වල තුවාල අමු අමුවේ තිබියදීමයි







මෙතැන් පටන් foster mother  අපට කී කතාව

"අගෝස්තු එකොලොස් වෙනිදා හවස් වෙනකොට මට ශෝභා පින්තුරයක් එවනවා. එහි තියෙන්නේ කානුවක දමාගිය ඇස් නෑරපු බලු පැටවුන් පස්දෙනෙක්.

ඒත් මට පහුවෙනිදාට යන්ට තිබුනා ඉතාමත් ආදරවන්ත පුතෙකුගේ විවාහ මංගල්ලෙකට . මම ශෝභාට කිව්වා මම 12 වෙනිදා එහි ගිහින් එනතුරු පශු වෛද්‍යවරයෙකුවෙත ඔවුන්ව යොමු කරන්ටය කියා.අලුත උපන් ගමන් මවගෙන් වෙන්කරපු පැටව් ලොකු කරන එක සුළු පටු කර්තව්‍යක් නොවෙයි. එයාලගේ පෙකැනිවැල් හැලිලා තුවාල අමුඅමුවේ තිබුනේ. ඒ අයගේ අම්මා කොච්ච්චර දුකින් ඉන්න ඇතිද? නමුත් ඒ වෙනකොට එම පුවත ගෙනා දැරිවි සචින්තාම එයාලව බලාගන්න බාරගෙන තිබුණා. දෙන්නෙක් එයාගේ යාළුවො ගෙනියලා තිබුනේ.නමුත් ඉන් එක්කෙනෙක් ආපසු ලැබිලා තිබුනා. අනිත් කෙනා එයාලම ලොකු කරනවා කියා වගකීමෙන් ගෙනියලා තිබුනා.

දහතුන්වෙනිදා උදේ සිනාරා බලු පැටවුන් අරන් මගට ආවා. මමත් මගක් දුරට ගිහින් එයාලව භාර ගත්තා. හතර දෙනාම කිරි බීල හිටියට අම්ම නැති කාන්සියට එකිනෙකාගේ බඩවත උරනවා. ගෙදර ගෙනත් සාත්තුව පටන්ගන්නකොටම දැනෙනවා එක්කෙනෙක් ටිකක් අප්‍රාණික ගතියකින් ඉන්න බව. පසුදා ඔහු මිය යනවා. එදා දවස හරිම වෙහෙස කාරීයි. නමුත් යසස් ශෝභා හා මනොජාගේ පැමිණීමත් සමගම හිතේ තිබුණු බර නොසැහෙන්න සැහැල්ලු උනා. පණ අදිමින් හිටි පැටියා මනොජගේ උකුලේම මියගියා.අනිත් තුන්දෙනාට නිදන්ට උණුහුම් සෙල්ලම් බඩු පෙට්ටි කිරිබෝතල් සුප්පු හා විශේෂයෙන්ම වැදගත් වන බලු පැටවුන්ට විශේෂිත කිරි වර්ගය ඔවුන් ගෙනත් තිබුනා. ඔවුන්ගේ ජීවිත වලට බලාපොරොත්තු සහගත ආරම්භයක් ලබාදෙන්ට මේ අයට හැකි උනා.


මේ අය උණුහුමෙන් තියන්න හරි වෙහෙසක් වුනා අපි. නිතරම ශෝභා ගෙනත් දුන්නු ටෙඩි බෙයාස් ලා Hair dryer එකෙන් රත් කරලා ඒ අය අතර තියලා ඒ අයව උණුහුම් කළා. එයාල නිදන රෙදි වලට යටින් උණුවතුර බෝතල් තියන්ට සිදු උණා. මේස් කකුල් අන්දවලා තිබ්බේ.



මේ අයට අවශ්‍ය එළු කිරි ලබාදුන් අයට ගොඩක් පිං දැන් එයාලට පණු බෙහෙත් දීල කෑම කන්ට පුරුදු කරලා තියෙන්නේ.
දැන් අමාරු හරිය ඉවරයි. නිදිමරන්ට පැය දෙකෙන් දෙකට තුනෙන්තුනට කවන්ට පොවන්ට උවමනා නැහැ. පැය හතරෙන් හතරට කිරි මිශ්‍ර ඝන ආහාර දෙනු ලබනවා.













මේ අය ලොකු කර ගන්නට වෙහෙසෙන අතරේ මා හට ලෙඩ රෝග පීඩා වූ අවස්ථා වලදී සහය දැක්වූ සායක්කාර දෝණි වරුන්ටද උයාපිහා කෑම  අරන් ආ මගේ  නෑනාටද අමාරු අවස්ථා වලදී හරි තීරණය ගන්නට උදව්කල මනෝජාටද  (විස්මකර්ම කරන, වඩාත් අත්දැකීම් ඇති, හසල දැනුමකින් යුතු  Foster Mom) නොයෙක් ලෙස වක්‍රව හෝ ඍජුව උපකාර කල හැමටමද කට්ටියට කිරි සපැයු  පිරිසටද පිං. මෙයාලට කිරි දුන් අයගෙන් හුඟ දෙනෙක් විසාකාවෝ වීම විශේෂයක්.


 ඒ වගේම  විශේෂයෙන් ප්‍රතිභා මතක්කළ යුතුමයි කාණු  කුමාරවරු  වචනයේ පරිසමාප්ත අර්ථයෙන් කුමාරවරු වනු ලැබුවේ ඔවුන්ට සොයාදුන් නිවාස නිසාමයි. ඔවුන් දෙදෙනෙකුටම නිවාස සොයා දුන්නේ ඇයයි. අදට ඔවුන්ට වයස මාස දෙක පිරෙනවා.  මේ ය ගැන කතා කරනකොටඅසංක හා රුවන්ති යන දොස්තර වරු අමතක කරන්නට බැහැ.  අද මගේ ගෙය හිස් උනත් හිත පිරී ඇත්තේ ලොකු සතුටකින්. Don  අද Rio  නමින්ද Fred  අද Rower  නමින්ද Cecil  අද Prince  නමින්ද මන්දිර වල ලොකු ආදරයක් ලබමින් ජීවත් වෙනවා."












Displaying DSC_0494.JPG

Displaying DSC_0516.JPG

Displaying DSC_0518.JPG

Displaying DSC_0524.JPG

Displaying DSC_0504.JPG


මේ අයගේ අනෙකුත් පින්තුර මෙතනින් 



මේ සතුටු කතාවෙත් දුක්බර පැත්තක් තියෙනවා. පාරට වැටිලා මුල් අවදියේම ජීවිතෙන් සමුගත් Rick  මේ ඉන්නේ. කාණුවට විසිකලේ ඉපදුන ගමන්මනේ. එයාට එක ඔරොත්තු දුන්නේ නැහැ. එයා ජීවත් වෙච්ච ටික කාලේ උපරිමෙන් ආදරේ වින්දා. ලෙඩවෙලා කියලා දැනගත් මොහොතේ පටන් හදවතේ රිද්මයෙන් ජීවත් කරන්නට පපුව මත රඳවාගෙන පැය ගණනක් හිටියා ඒත්  එයා මනොජාගේ උකුලේ   මියැදුනා  එයාව පාරට ගෙනත් දමපු නරුමයා එයාව මරුවා.
මේ පින්තුර දකිනකොට කොච්චර දුක උනත් මේ විදිහට ලෝකෙට කියන්නේ ආයෙත් නම් පුංචි පැටව්  නොමිනිසුන් වගේ කානු පල්ලකට අතහැරලා ගිහින් හිත පිත් නැතිව ජීවත් වෙන්නට එපා කියලා කියන්ට ඕනෑ  නිසයි ................

Thursday, September 3, 2015

කඳුළු කතාවක් සොඳුරු කතාවක් බවට පත්කරගනිමු. A Foster Mother's story!

අගෝස්තු එකොලොස් වෙනිදා හවස් වෙනකොට මට ශෝභා පින්තුරයක් එවනවා. එහි තියෙන්නේ කානුවක දමාගිය ඇස්  නෑරපු  බලු පැටවුන් පස්දෙනෙක්.




ඒත්  මට පහුවෙනිදාට  යන්ට තිබුනා ඉතාමත් ආදරවන්ත පුතෙකුගේ විවාහ මංගල්ලෙකට . මම ශෝභාට කිව්වා මම 12 වෙනිදා එහි ගිහින් එනතුරු පශු වෛද්‍යවරයෙකුවෙත ඔවුන්ව යොමු කරන්ටය කියා.අලුත උපන් ගමන් මවගෙන් වෙන්කරපු පැටව්  ලොකු කරන එක සුළු පටු කර්තව්‍යක්  නොවෙයි. එයාලගේ පෙකැනිවැල්  හැලිලා තුවාල අමුඅමුවේ තිබුනේ. ඒ අයගේ අම්මා කොච්ච්චර දුකින් ඉන්න ඇතිද? නමුත් ඒ වෙනකොට එම පුවත ගෙනා දැරිවිම එයාලව බලාගන්න බාරගෙන තිබුණා. දෙන්නෙක් එයාගේ යාළුවො ගෙනියලා  තිබුනේ.නමුත් ඉන් එක්කෙනෙක් ආපසු ලැබිලා තිබුනා. අනිත් කෙනා එයාලම ලොකු කරනවා කියා වගකීමෙන් ගෙනියලා තිබුනා.

දහතුන්වෙනිදා උදේ සිනාරා බලු පැටවුන් අරන් මගට ආවා. මමත් මගක් දුරට ගිහින් එයාලව භාර ගත්තා. හතර දෙනාම කිරි බීල හිටියට අම්ම නැති කාන්සියට එකිනෙකාගේ බඩවත උරනවා. ගෙදර ගෙනත් සාත්තුව පටන්ගන්නකොටම දැනෙනවා එක්කෙනෙක් ටිකක් අප්‍රාණික ගතියකින්  ඉන්න බව. පසුදා ඔහු මිය යනවා. එදා දවස හරිම වෙහෙස කාරීයි. නමුත් යසස් ශෝභා හා මනොජාගේ පැමිණීමත් සමගම හිතේ තිබුණු බර නොසැහෙන්න සැහැල්ලු උනා. පණ අදිමින් හිටි පැටියා මනොජගේ උකුලේම මියගියා.අනිත් තුන්දෙනාට නිදන්ට උණුහුම් සෙල්ලම් බඩු පෙට්ටි කිරිබෝතල් සුප්පු හා විශේෂයෙන්ම වැදගත් වන බලු පැටවුන්ට විශේෂිත කිරි වර්ගය ඔවුන් ගෙනත් තිබුනා. ඔවුන්ගේ ජීවිත වලට  බලාපොරොත්තු  සහගත ආරම්භයක් ලබාදෙන්ට මේ අයට හැකි උනා.


මේ අය  උණුහුමෙන් තියන්න හරි වෙහෙසක් වුනා අපි. නිතරම ශෝභා ගෙනත් දුන්නු ටෙඩි බෙයාස් ලා Hair  dryer එකෙන් රත් කරලා ඒ අය  අතර තියලා ඒ අයව උණුහුම් කළා. එයාල නිදන රෙදි වලට යටින් උණුවතුර බෝතල් තියන්ට සිදු උණා. මේස්  කකුල් අන්දවලා තිබ්බේ.


මේ අයට අවශ්‍ය එළු කිරි ලබාදුන් අයට  ගොඩක් පිං දැන් එයාලට පණු බෙහෙත් දීල කෑම කන්ට පුරුදු කරලා තියෙන්නේ.





දැන් අමාරු හරිය ඉවරයි. නිදිමරන්ට පැය දෙකෙන් දෙකට තුනෙන්තුනට කවන්ට පොවන්ට උවමනා නැහැ. පැය හතරෙන් හතරට කිරි මිශ්‍ර ඝන ආහාර දෙනු ලබනවා.  මේ අයව   ආදරෙන් බලාගන්න අයියල අක්කල ඉන්න ගෙවල් තුනක් මම හොයනවා.

තවත් පින්තුර මෙතනින් බලන්න පුළුවන් 

Tuesday, March 10, 2015

අපේ හාප(ර්)

Sunday, October 5, 2014

අපේ රෝසි ගෙදර ගියා




රෝසි ගැන මුලින්ම අපට කිව්වේ තරංග.  මාලබේ ස්ලිට් ආයතනයේ වාහන අංගනයක උපන් පැටවුන්ගෙන් කෙනෙක් ඇය. මාස එකහමාරක් යනකොට අම්මට රෝසිගැන උනන්දුව අඩු උනේ රෝසිගේ සහෝදරයින්ව එක එක්කෙනා ගෙනිච්ච හින්දද කියල හිතාගන්න බැහැ. කාගේත් ආදරය ලබමින් රෝසි හොඳින් පෝෂණය වී සිටියා.






ඇය මට ලැබෙන්නේ සැප්තැමබර් 20 වෙනිදා එදාම තමා මගේ මිනිපිරියක් වෙන පුංච් අශානා මට මුනගහෙන්නෙත්. අශානා ඇයට රෝසි කියා නම් තබනවා.


රෝසි කිලිටි පාටට හිටියට හරිම නිරෝගී පැටියෙක්. පුළුවන් ඉක්මනට ඇය නහවා පිරිසිදුකර අවශ්‍ය එන්නත් ලබාදී අප යට නිවසක් හොයන්ට පටන් ගත්තා. කිහිප දෙනෙක්ම රෝසිව ඉල්ලුවත් අපට එපමණ දුරක්  එකවිට යවන්ට පුළුවන් කමක් තිබුනේ නැහැ. සමහර අවස්තාවලදී අපට ඉන්දියාවෙන් හා ඉතාලියෙන් පවා ඇමතුම් ලැබුනා.    නමුත් මොකක්දෝ හේතුවකට මේ කිසිදෙයක් කෙරුනේ නැහැ.










රෝසි වාහනවල  පුංචි දුරක් යනකොට වමනය කරන්ට පටන් ගන්නවා එය අපිට ලොකු ප්‍රශ්නයක් උනා. ඒ අතර නිරෝගී රෝසි ඉක්මනින් ලොකු මහත් වෙන්න පටන්ගත්තා. නිසි බර පිරුණු නිසා ඇය ව්‍යන්දීකරණය කරනු ලැබුවා. එයාගේ නළලේ කොටලා තිබුණු හැටියට එයාගේ ගෙදර අම්මා මා දිනක් අමතා ඇහුවා "රෝසි තාමත් ඉන්නවා නේද?" කියා එහෙ රෝසිට සෙල්ලම් කරන්න තව බල්ලෙක් ඉන්නවා. එයාගේ නම Dalfor. එයත් වීදි බලුපැටියෙක්. එයාවත් ලස්සනට හදල තියෙනවා එයාලා.

මොනවා උනත් රෝසි ඉන්නකොට ගේ පිරිලා. රෝසි කියන්නේ දඟ මල්ලක්. ඊයේ හවස් ජාමේ අපි රෝසිව රෝසිගේ ගෙදරට ඇරලුවා. එයාගේ පොතයි, සෙල්ලම් බඩුයි, කෑම මල්ලයි, නෝටි වැඩ කරනකොට තරවටු කරන කඩදාසි කෝටුවයි එක්ක. ඒ ගෙදර රෝසිවගේ පොඩිත්තියකට කියාපු තැන. ලස්සන තණකොළ පිරුණු මිදුල, බල්ලන් කුඩු කරන්නේ නැති අම්මල තාත්තලා. තනියට බලු අයියෙක්. ආදරෙන් කෑම හදල දීල රෝසිව වඩාගෙන ඉන්න ආස අම්මෙක්. ආයෙත් මම දුක නැතිව පැටික්කියෙක්ව දාල ආවා.