Friday, May 23, 2014

මතකද අපේ "බන්ඩි" හාමි?

මතකද අපේ බන්ඩි?? 



බන්ඩිගෙ බඩේ පිලිකාවක්. වෛද්‍යවරුන්ට එය ඉවත්කිරීමට නොහැකිවන්නේ ඇය අවදානම් තත්වයක නිසා. දැනට ඇයට ලබාදෙන්නේ කිරි පමණයි. විටින් විට ඇයගේ කුසේ දියර ඉවත් කරනු ලබනවා. 

ඇයගේ අවසානකාලය සැනසිල්ලේ ගතකරන්නට නිවසක් සොයාගැනීම අමාරුවෙන් උනත් කරන්නට සිදුවී තිබෙනවා. ඇයගේ වෛද්‍යාඅධාර ලබාදීම හා කිරි ලබා දීම ADSL ආයතනය මගින් සිදුකරන්නට සැලසුම් කර තිබෙනවා. 

ඔබට හැකිද ඇයට රැකවරණක් වෙන්නට, ඔබටත් ඔබේ පවුලේ සැමටත් ඒ පිනම ඇති සදාකල් නිරෝගී සැපත විඳීමට.

We have some heart breaking news about our darling BUNDY 

Her condition is such Drs cant remove her tumour surgically as she would not recover.
We can time to time remove the fluid that gets filled up again to make her life easy. She is responding well for MILK and not in pain anymore  and that is THE BEST we can do for her.

WE ARE LOOKING FOR A KIND HOME WHO CAN GIVE HER LITTLE SPACE TO SPEND THE REST OF HER LIFE PEACEFULLY. SHE JUS NEED "SHELTER & HER FAVOURITE MILK". =')
ADSL will sponsor any medical cost occurs during her fostering and provide her MILK too.
Pls call 0711639908

LETS TRY TO KEEP BUNDY HAPPY ? PLS 
SHE JUST NEED LITTLE SPACE FOR HERSELF.

Until we find a home we have decided to keep her at vet but its not something we can afford due to on going rescues but she surely cant go to the road. Pls help BUNDY and if you wish to help Bundy pls inbox Shinuka Chandrasekera

Estimation for 2 wks

Boarding 500*14 7000
food 250*14 3500
Drug cost 5300
TOTAL 15800

Thursday, May 22, 2014

මට ආසයි ගෙදර යන්න. අනේ මාව එක්ක යන්න..................

අපිට බෙහෙත් විදලා පණු අමාරුවලට බෙහෙත් කරලා තියෙන්නේ. ඉතිරි වෙලා තියෙන්නේ වන්ධීකරණ සැත්කම පමණයි. ඒකත් අපේ අක්කලාගෙ වියදමෙන් කරලා දෙයි. මාව ගෙදර එක්ක ගිහිං මගෙ පුංචි බන්ඩියට බත් ඩිංගක් කන්න දෙන්න ඒ ඇති.

Sunday, May 18, 2014

අපේ ඔලී ගෙදර ගියා............



මතකද? මේ අපේ ඔලී. සෙල්ලං කරකර හිටපු ඔලීව මම වඩාගත්ත..




කාර් එකට නංවලා එයාට පහසු විදියට ආසන පනවාගත්තා. 



ගමන අන්තයේ අපි නැවතුනේ මේ ගෙදර ඉදිරිපිට





ඔලීව පිළිගන්ට අම්මා එලියට ආවා. ඔලී පුරුදු තැනක් වගේ ඇතුලට ගියා





ඔය ඉන්නෙ යාලුවෙකුත්.





ඉතිං අපි එයාලට බායි කියල එන්ට හැරුනා.මට සහතිකයි ඔලී ගියෙ එයාටම ඔබින ගෙදරට කියල.




මම අද මේ ගමන පිටත් උනේ මට හිත හදාගෙන ගෙදර එන්ට ලැබෙයි කියලා නං නොවෙයි. නමුත් ගියාට වඩා සතුටිං මම ගෙදර ආවා. ඔලීට ඉතාමත් හොඳ යහපත් පවුලක රැකවරණ ලැබුනා. ඔලී සැබෑ වාසනාවන්තියක්. අද ඔලී හිටපු තැන පාලුයි. මට දුක නැහැ ඇත්තෙන්ම. ඔක්කොටම වැඩිය මට හිතගියෙ ඒ ගෙදර එයාට ලැබුන නිදහස ගැන. කොහෙත්ම බැඳ තැබීම්. කූඩු කිරීම් නැහැ. හිතු අත දුවන්න නිදහස ඔලීට තියෙනවා.දැල් වැටක හා ලොකු ගේට්ටුවක ආරක්ෂාව ලැබෙනවා. පවුලක උණුසුම් සෙනෙහස ලැබෙනවා. හැම වීදි බලු පැංචෙකුටම මේ වාසනාව ලැබෙන්ට කියා පතනවා. ඒ අය වෙනුවෙන් වෙන යමක් පතන්ට අවශ්‍ය නැහැ. ඔක්කොම එතැන තියෙනවා.



Friday, May 16, 2014

දත් නැතිදා උක්දඬු ගිනි තපින්නද ? මා දැන් මහළු වියේ……….

මහ වැස්සක පෙර නිමිති  පෙනෙනවා කවුළුව  අතරින්  හිරිකඩ එනවා. කබාය ඉරිලා ඊට කමක් නෑ. කවුරු බලන්නද? කවුරු දකින්නද? 
මා දැන් මහළු වියේ ..............අප කාහටත් අත්වෙන ඉරණම!

  
නොම්මර 2/6, අතුරුගිරිය පාර, රුකමලේ, පන්නිපිටිය,යන ලිපිනය දරණ නිවසේ  වයස්ගත කාන්තාවට, තමා විසින් පෝෂණය කළ, වැඩුනු බල්ලෙක් අත්හැර දමායන්නට සිදුවී තිබෙනවා......... ඇය මේ කටයුත්ත කරන්නේ කැමැත්තෙන් නොවෙයි. ඇය ඇවිදගන්නට බැරි ලෙඩින් අසරණවූ කතක්. ඇයව වැඩිහිටි නිවාසෙකට යවන්නට ඇයගේ විදේශ ගත දරුවන් තීන්දු කොට තිබෙනවා. ඇය රැකබලාගත් පුද්ගලයාටත් ගෙය හැර යන්නට සිදුවී තිබෙන්නේ ගෙදර තනි නොතනියට හිටි බල්ලා අවාසනාවන්ත තත්වයකට ඇද දමමිනුයි. මේ වෙසක් මාසයේ ඔබේ හදවතේ දොරටු විවුර්ත කරන්න. සරණ වන්න. අමතන්න පියුමි  0711915482 හෝ සරත්0715830111

Friday, May 9, 2014

කාල මොටද මෙහෙම හදන කෑම???? කතාකරන පිංතූර.....................

අක්මාව ඉදිමෙනකං බලෙං බට බස්සල කෑම බඩට ඔබල තර කරපු තාරාවන් ගේ හා පාත්තයින්ගේ ජීවිත කතාව.  ෆොටෝ හැත්තැගානක් තියෙනව ගිහිං බලන්න. ප්‍රංශ නොතේරුනත් පිංතූර කතාකරාවි.



cages-individuelles


joyeux-noel


salle-de-gavage

canetons-foie-gras-04

oisillon-mort                                                                             crochets

Thursday, May 1, 2014

ටික කාලෙකට අම්මෙක් හම්බ උනා මට...............



ඔලී කොහෙදෝ ගරාජ් එකක ඉපදිලා තියෙන්නෙ කියල මට හිතෙන්නෙ. ඒ ගරාජ් එකේ කට්ටිය ඔලීට කන්න කටක් දුන්නට ඔලී පහරන එක ගැන අසතුටෙං හිටියෙ. ඔලීගෙ අම්ම ගැනවත් සහෝදරයො ගැනවත් මට තොරතුරු ලැබුනෙ නැහැ. ඊයෙ ඔලීව ගන්න යන්න හිටියත් පහුවෙන කොට ඔලීව කොහෙටද ගිහිං දාල කියල ආරංචිය ලැබුනෙ. අන්තිමට ADSL අක්කල ඔලීව හොයාගෙන ගියා දාපු තැන බලන්න. එයාව ගිහිං දාල තිබුනෙ කැලණිතිස්ස ගාව කියල කිව්වෙ. වරුවක් යනකොට මේ අළු දැරිය ත්‍රී වීලර් රථයකිං අපේ ගෙදර තාවකාලිකව ලැගුම් ගන්ට ආවෙ.




අම්ම මට ඔලී කියල නම තිබ්බෙ ඇයි දන්නවද ග්‍රීස් නාල මජං නාල ආපු නිසා මං. අම්ම කෙල්ල කාලෙ ග්‍රීස් කියල චිත්‍රපටියක් බැලුවලු. ඒ කෙ නිලියගෙ නම ඔලීවියාලු. ඉතිං මම ඔලී...



පුංචි බඩට බඩගින්නට මාලුයි බතුයි කිරියි අනල ..........දිව්‍ය භෝජන පරාදයි. ඇඟේ ග්‍රීස් මජං තිබුනත් අම්ම කන්න ඉඩ දුන්න. පස්සෙ නාමු කීව. 




දැං අපි නාමුද පැටියො?




අනේ බෑ අම්මෙ තව චුට්ටක් බත් කන්නං. කාල එන්නං.



බඩ පොත්තට ඇලිලා ආවෙ. ඔන්න ටික ටික බඩට කෑම වැටෙනවා. මේක රබාන වගෙ ඇදෙනකං කන්ට ආසයි අම්මෙ. මම ගරාජ් එක ගාව පාරෙ හුඟ වෙලාවක්ම හිටියෙ බඩගින්නෙ





ඒ ගමන බබාලට ගාන පුස්ඹ සබං ගාල නාවල කාර් එකක දාගත්තෙ කොහෙ ගෙනියන්නද මේ තකහනියෙ අම්මෙ?




මට බැහැ ඕං පෙට්ටිව්ල ඉන්න . අපි බජාර් එකේ හොඳ නිදහසේ හිටපු අය හරිද? 




ගැස්සෙනව කාරෙක. ඉතිං කොහොමද දොයිගන්නෙ?





ඇති යංතං.......ගමන අවසං @ බෙස්ට් කෙයාර් ඇනිමල් හොස්පිටැල් එකේ..... 


හයියු මම නාල ආවෙ හොඳ පුස්ඹයි මාගාව. ආයෙ මොනවටද පව්ඩර් කාරිය? ආ මේ මැකීලටද එහෙනං දාන්ටකො ටික වෙන්ට.........ඒ අස්සෙ අරය මගෙ පස්සපැත්තෙ උන බලනව. අපි හොඳ නිරෝගී අය හොඳේ පාරෙ හිටියට.



අයියෝ මේ මේසෙ සීතලයි මට චු බරයි!!!


දැං ඉතිං පණු බෙහෙතුත් බිව්වා. ඉංජෙස්සනුත් ගැහුවා. වෙන වද නොදී ආයෙ අපි ගෙදර යං මගෙ අම්මේ.....


------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------


මම මේ ඇවිල්ල ඉන්නෙ තාවකාලික නවාතැනක. මෙහෙ තව බල්ලො ගොඩක් ඉන්නවා. අමුතු අමුතු අයත් ඉන්නව. එක බල්ලෙක් කකුල් තුනක කෙනෙක්. එයාගෙ නම ඇල්ෆ්. අම්මට වැඩ වැඩියි පොඩි මම මෙහෙ ඉන්න ගියොත් දිගටම . මට ඔක්කොම බෙහෙත් විදල තියෙන්නෙ. තව චුට්ටක් ලොකු වෙනකොට වඳ සැත්කම කලාම මම පිරිමිසතෙක් වගේ තමා. මේ අම්මට වගේම ආදරේ වෙන්ට පොරොන්දුවෙනවා මං අනේ මාව ඔයාලගෙ ගෙදර එක්ක යන්න. අපේ අම්මගෙ නම සුජාතා. එයාට ටෙලිෆෝන් කරන්න මාව ඉල්ලන්න 077 250 84 57/2874370.