Friday, July 11, 2014

බලු අම්මලයි මිනිස් අම්මලයි අපියි!!!



ආයෙත් බලු පැටව් රොත්ත පිටිං පාරට ගෙනත් දාල ...........එක තැනක නෙමෙයි දෙයියනේ. කොළඹ තැං තැං වල. අපි  කොච්චර කට්ටිය ගෙදර පිරිල ඉතිරිලා  හිටියත් අහක බලාගන්නෙ නැහැ. කොහොම හරි Foster අම්ම කෙනෙක් ගාව කට්ටියට ඉඩක් හදල රැකවරණ ලබාදෙනව. ඒ අතර ඒ අම්ම ආපු පුංචි ඈයොංගෙ එන්නත් ලබාදීල පණු අමාරුවලට බහෙත් දීල තියන ලෙඩ සනීප කරලලස්සන පැටව් හැටියට ලොකුවෙන්ට ඕනැ කරන කිරි ආහාරපාන ලබාදෙනව. Foster අම්මලටත් සමහර වෙලාවට කළමනා හිඟවෙනවා. එහෙම වෙච්චි කාලයක් මේ. ඇත්තෙන්ම බලු පැටවා වදාපු අම්ම ගාවට බලුපැටවට එයාගෙ පුංචිකාලෙ එයාට ළංවෙන අනිත් කෙනා තමා මේ Foster අම්මා.



මේ ඉන්නෙ මනෝජා..............අපිට ඉන්න සෑහෙන පැට්ව් ගානක් ලොකු කරපු Foster අම්ම කෙනෙක්.

වාසනාවකට අපිට තව  Foster අම්මලා කීපදෙනෙක් අත හිත දෙනවා. කට්ටියට කිරි අවශ්‍යයි. අපට උදව්වෙන්න එයාලගෙ බඩගින්න නිවන්න.



මෙන්නෙ පෙරේදා රෑ පාරෙ දාල ගිහිං තිබිල අපිට හමු උන කට්ටිය.




අපි මෙහෙම ලොකු කරපු ඈයො ඉරිදට ගෙවල් වල සුරතලේවෙන්ට එන්නට බලාන ඉන්නවා. එයාලට ගෙවල් ලැබුනොත්, පාරෙ ඉන්න අයට Foster අම්මලා ගාව ඉඩ තියේවි. එයාල පාරෙ තනියම ඉන්නෙ බඩගින්නෙ, කොයි වෙලාවෙ වාහන වල හැපෙයිද දන්නැහැ, සමහර තැන්වල කබරයින්ගෙ වේලක් වෙන්නෙත් බලු පැටියෙක් තමා. අනේ එදාට බලු පැටියෙක් හදාගන්ට අරං යන්ට.