Friday, July 11, 2014

බලු අම්මලයි මිනිස් අම්මලයි අපියි!!!



ආයෙත් බලු පැටව් රොත්ත පිටිං පාරට ගෙනත් දාල ...........එක තැනක නෙමෙයි දෙයියනේ. කොළඹ තැං තැං වල. අපි  කොච්චර කට්ටිය ගෙදර පිරිල ඉතිරිලා  හිටියත් අහක බලාගන්නෙ නැහැ. කොහොම හරි Foster අම්ම කෙනෙක් ගාව කට්ටියට ඉඩක් හදල රැකවරණ ලබාදෙනව. ඒ අතර ඒ අම්ම ආපු පුංචි ඈයොංගෙ එන්නත් ලබාදීල පණු අමාරුවලට බහෙත් දීල තියන ලෙඩ සනීප කරලලස්සන පැටව් හැටියට ලොකුවෙන්ට ඕනැ කරන කිරි ආහාරපාන ලබාදෙනව. Foster අම්මලටත් සමහර වෙලාවට කළමනා හිඟවෙනවා. එහෙම වෙච්චි කාලයක් මේ. ඇත්තෙන්ම බලු පැටවා වදාපු අම්ම ගාවට බලුපැටවට එයාගෙ පුංචිකාලෙ එයාට ළංවෙන අනිත් කෙනා තමා මේ Foster අම්මා.



මේ ඉන්නෙ මනෝජා..............අපිට ඉන්න සෑහෙන පැට්ව් ගානක් ලොකු කරපු Foster අම්ම කෙනෙක්.

වාසනාවකට අපිට තව  Foster අම්මලා කීපදෙනෙක් අත හිත දෙනවා. කට්ටියට කිරි අවශ්‍යයි. අපට උදව්වෙන්න එයාලගෙ බඩගින්න නිවන්න.



මෙන්නෙ පෙරේදා රෑ පාරෙ දාල ගිහිං තිබිල අපිට හමු උන කට්ටිය.




අපි මෙහෙම ලොකු කරපු ඈයො ඉරිදට ගෙවල් වල සුරතලේවෙන්ට එන්නට බලාන ඉන්නවා. එයාලට ගෙවල් ලැබුනොත්, පාරෙ ඉන්න අයට Foster අම්මලා ගාව ඉඩ තියේවි. එයාල පාරෙ තනියම ඉන්නෙ බඩගින්නෙ, කොයි වෙලාවෙ වාහන වල හැපෙයිද දන්නැහැ, සමහර තැන්වල කබරයින්ගෙ වේලක් වෙන්නෙත් බලු පැටියෙක් තමා. අනේ එදාට බලු පැටියෙක් හදාගන්ට අරං යන්ට.

Friday, June 27, 2014

අල්වි ගෙදර යනවා.........




සමහරු මෙයාට ට්‍රයිපෝඩ් කියලත් නමක් දාල තිබුන. නමුත් මම ආස එයාට අල්වි කියල කතා කරන්නයි. එයාගෙ කතාව හරි වේදනා කාරීයි. කතාකරන පිංතූර අදත් ඔයාලට එයාගෙ වේදනාව ගැන කියාවි. ඒවා ඔක්කොම අතීතෙට එකතු වෙනවා......... අල්වි ගෙදර යනවා. ...........ඒ උනත් එයාගෙ කතාව ලෝකෙට කියන්ට මට උවමනා කාරණා දෙකක් හන්දා......... එකක් තමා සතෙකුට අමාරුවකදි සරණ වීමේ වැදගත් කම ගැන කියන එක, අනෙක මගෙත් තුන් පාද වීරයෙක් ගෙදර ඉන්න එක. 

 මේ කතාවෙ වීරයෝ ගොඩයි.  චඩිනි හා සුචින්ත තමා පළමුවෙන්ම තුවාල ලබලා අමාරුවෙන් හිටපු අල්විව දැකල තිබුනෙ දවල් කෑම වෙලාවෙදි. ඇය නවත්වලා තිබුනු වාහනයක් යටට වෙලා වේදනාවෙන් සිටියා. දින කිහිපයකට කලින් සිදුවෙච්ච අන්තුරකිං පස්සෙ අල්වි හමත් එක්ක  එල්ලෙන අත් කෑල්ලක් එක්ක අමාරුවෙං එතැනට කොහොම රිංගුවාද මංදා අතෙං කොටසක්ම ගැලවිලා ගිහිං එයා ඉතුරු උන කොටස බේරගෙන ඇවිත්........ඇය ගාව තිබුනෙ නරක් වෙච්ච මස්වල ගඳ. 


ශිනුකා ඇය මොහොතකට අස් වැසුවෙ යෝගට් එකක් කන්න දීල. ඉන් පස්සෙ ඇයව වෛද්‍ය වරු වෙත යොමු කෙරුනා. ශල්‍යකර්ම හා නොයෙක් වෛද්‍ය වාර්තා වලින් ඇයගේ සරීර සෞඛ‍ය් යහපත් බව දැනගන්ට ලැබුනා. තවත් වීරයෝ කොටසක් බරපැන දැරුවා. ඒ විස්තර මෙතනින් බලන්න

මේ කටයුතු සියල්ල සිදුවෙන අතරේ මුහුදු හතකිං එහා හිටපු සුන්දර හදවතක් ඇති කෙනෙක් අප අමතා ඇය එනතෙක් අල්විව රැක බලාගන්න කිව්වා. ඇයත් එක්ක තමා අල්වි ගෙදර යන්නෙ. ඇය නිරන්තරයෙන් අල්වි ගැන සොයා බැලුවා. අල්විට දුර ඉඳලා ආදරය කෙරුවා. අල්වි ඔබ වාසනාවන්තයි. 

-------------------------------------------------------------------------------

මේ ඉන්නෙ මගෙ ඇල්ෆ්. දඟ මල්ලක්. ආදර ගඟුලක්. කකුල් හතරක්ම ඕනෙ නැහැ බල්ලෙකුට කියල එයා ඔප්පු කරල ඉවරයි. මගෙ අසල්වැසියො කියන්නෙ. "කොහොමට හිටීද කකුල් හතරම හොඳට තිබුන නං" කියල. එච්චරට දඟයි එයා..............මගේ ලෝකෙ තවත් ලස්සන කලේ ඇල්ෆ්. අල්විත් ඒ දේම කරයි මුහුදු හතෙං එහා ඉඳල ආපු එයාගෙ Tali ට.


Tuesday, June 24, 2014

අපිටත් ගෙදර යන්න ඕනැ





 ලුවිස් 









 සුජාතා එක්ක පුරා මාසයක් හිටියා. ලෙඩ හොඳ උනා. ලස්සනට ලොම් වැවුනා. කෑම බෙහෙත් හොඳට වැටුනා.දැං හොඳ කරුණාවන්ත උදවිය ඉන්නවනං එන්න අපිව එක්ක යන්න. චූටි නංගිලා ගෙදර ගියා. අපිටත් ගෙදර යන්න ඕනැ අමතන්න සුජාතා 077 250 8457.

Friday, June 13, 2014

සල්ගාදු නෝනගෙ කට්ටිය

මැයි විසිවෙනිදා හරියට දොලහ වෙනකොට අපේ සල්ගාදු නෝනා බලුපැටව් ටික බෙස්ට් කෙයාර් වෙත ගෙනත් තිබුනා. හැමෝටම නොඅඩුව මැක්කොත් තැන තැන පුල්ලි ගසමින් මතුවෙන රෝගයත් පැතිරෙන ලක්ෂණ පෙන්වමින් තිබුන නිසා, එක්කෙනෙක්ව සම පරීක්ෂාවකට සූරාගනු ලැබුවා. සල්ගාදු නෝනා මා එහියන විටත් මූලික එන්නත් ලබාදී තිබුනා. දැනට අවශ්‍ය කරන ශැම්පු පමණක් ලබාගෙන කට්ටිය එක්ක මම ගෙදර ආවා. ගෙදර ඇති විටමින් බී එක්ක කිරි දෙන්නට තීරණය කලා. සල්ගාදුනෝනා අරං දුන්න කිරි පැකට් එකට පිං. ඒ වගෙම තව කිරි අප්ප කෙනෙකුයි, කිරි අම්ම කෙනෙකුයි කිරි පැකට් පහ බැගිං එවල තිබුන. තව අය බෙහෙත් විටමින් යනාදිය අරන් දුන්නා. සමහරු මුදලින් ආධාර එවලා තිබුනා. ඒ හැමෝටම පිං. 

දැං කට්ටිය ටිකක් ලොකුයි. දාහත්වෙනිදට ඩීඑච් එල් එන්නත දුන්නට පස්සෙ ඔක්කොම හර්. මුලිං පණු බෙහෙත් දීපු දවසෙ නං හරිම යුද්දයක් තිබුනෙ










දැං මේකට්ටියට ගෙවල් හොයාදෙන එක තමා ඉතිරි වෙලා තියෙන්නෙ!!!

Friday, May 23, 2014

මතකද අපේ "බන්ඩි" හාමි?

මතකද අපේ බන්ඩි?? 



බන්ඩිගෙ බඩේ පිලිකාවක්. වෛද්‍යවරුන්ට එය ඉවත්කිරීමට නොහැකිවන්නේ ඇය අවදානම් තත්වයක නිසා. දැනට ඇයට ලබාදෙන්නේ කිරි පමණයි. විටින් විට ඇයගේ කුසේ දියර ඉවත් කරනු ලබනවා. 

ඇයගේ අවසානකාලය සැනසිල්ලේ ගතකරන්නට නිවසක් සොයාගැනීම අමාරුවෙන් උනත් කරන්නට සිදුවී තිබෙනවා. ඇයගේ වෛද්‍යාඅධාර ලබාදීම හා කිරි ලබා දීම ADSL ආයතනය මගින් සිදුකරන්නට සැලසුම් කර තිබෙනවා. 

ඔබට හැකිද ඇයට රැකවරණක් වෙන්නට, ඔබටත් ඔබේ පවුලේ සැමටත් ඒ පිනම ඇති සදාකල් නිරෝගී සැපත විඳීමට.

We have some heart breaking news about our darling BUNDY 

Her condition is such Drs cant remove her tumour surgically as she would not recover.
We can time to time remove the fluid that gets filled up again to make her life easy. She is responding well for MILK and not in pain anymore  and that is THE BEST we can do for her.

WE ARE LOOKING FOR A KIND HOME WHO CAN GIVE HER LITTLE SPACE TO SPEND THE REST OF HER LIFE PEACEFULLY. SHE JUS NEED "SHELTER & HER FAVOURITE MILK". =')
ADSL will sponsor any medical cost occurs during her fostering and provide her MILK too.
Pls call 0711639908

LETS TRY TO KEEP BUNDY HAPPY ? PLS 
SHE JUST NEED LITTLE SPACE FOR HERSELF.

Until we find a home we have decided to keep her at vet but its not something we can afford due to on going rescues but she surely cant go to the road. Pls help BUNDY and if you wish to help Bundy pls inbox Shinuka Chandrasekera

Estimation for 2 wks

Boarding 500*14 7000
food 250*14 3500
Drug cost 5300
TOTAL 15800

Thursday, May 22, 2014

මට ආසයි ගෙදර යන්න. අනේ මාව එක්ක යන්න..................

අපිට බෙහෙත් විදලා පණු අමාරුවලට බෙහෙත් කරලා තියෙන්නේ. ඉතිරි වෙලා තියෙන්නේ වන්ධීකරණ සැත්කම පමණයි. ඒකත් අපේ අක්කලාගෙ වියදමෙන් කරලා දෙයි. මාව ගෙදර එක්ක ගිහිං මගෙ පුංචි බන්ඩියට බත් ඩිංගක් කන්න දෙන්න ඒ ඇති.

Sunday, May 18, 2014

අපේ ඔලී ගෙදර ගියා............



මතකද? මේ අපේ ඔලී. සෙල්ලං කරකර හිටපු ඔලීව මම වඩාගත්ත..




කාර් එකට නංවලා එයාට පහසු විදියට ආසන පනවාගත්තා. 



ගමන අන්තයේ අපි නැවතුනේ මේ ගෙදර ඉදිරිපිට





ඔලීව පිළිගන්ට අම්මා එලියට ආවා. ඔලී පුරුදු තැනක් වගේ ඇතුලට ගියා





ඔය ඉන්නෙ යාලුවෙකුත්.





ඉතිං අපි එයාලට බායි කියල එන්ට හැරුනා.මට සහතිකයි ඔලී ගියෙ එයාටම ඔබින ගෙදරට කියල.




මම අද මේ ගමන පිටත් උනේ මට හිත හදාගෙන ගෙදර එන්ට ලැබෙයි කියලා නං නොවෙයි. නමුත් ගියාට වඩා සතුටිං මම ගෙදර ආවා. ඔලීට ඉතාමත් හොඳ යහපත් පවුලක රැකවරණ ලැබුනා. ඔලී සැබෑ වාසනාවන්තියක්. අද ඔලී හිටපු තැන පාලුයි. මට දුක නැහැ ඇත්තෙන්ම. ඔක්කොටම වැඩිය මට හිතගියෙ ඒ ගෙදර එයාට ලැබුන නිදහස ගැන. කොහෙත්ම බැඳ තැබීම්. කූඩු කිරීම් නැහැ. හිතු අත දුවන්න නිදහස ඔලීට තියෙනවා.දැල් වැටක හා ලොකු ගේට්ටුවක ආරක්ෂාව ලැබෙනවා. පවුලක උණුසුම් සෙනෙහස ලැබෙනවා. හැම වීදි බලු පැංචෙකුටම මේ වාසනාව ලැබෙන්ට කියා පතනවා. ඒ අය වෙනුවෙන් වෙන යමක් පතන්ට අවශ්‍ය නැහැ. ඔක්කොම එතැන තියෙනවා.