Friday, June 27, 2014

අල්වි ගෙදර යනවා.........




සමහරු මෙයාට ට්‍රයිපෝඩ් කියලත් නමක් දාල තිබුන. නමුත් මම ආස එයාට අල්වි කියල කතා කරන්නයි. එයාගෙ කතාව හරි වේදනා කාරීයි. කතාකරන පිංතූර අදත් ඔයාලට එයාගෙ වේදනාව ගැන කියාවි. ඒවා ඔක්කොම අතීතෙට එකතු වෙනවා......... අල්වි ගෙදර යනවා. ...........ඒ උනත් එයාගෙ කතාව ලෝකෙට කියන්ට මට උවමනා කාරණා දෙකක් හන්දා......... එකක් තමා සතෙකුට අමාරුවකදි සරණ වීමේ වැදගත් කම ගැන කියන එක, අනෙක මගෙත් තුන් පාද වීරයෙක් ගෙදර ඉන්න එක. 

 මේ කතාවෙ වීරයෝ ගොඩයි.  චඩිනි හා සුචින්ත තමා පළමුවෙන්ම තුවාල ලබලා අමාරුවෙන් හිටපු අල්විව දැකල තිබුනෙ දවල් කෑම වෙලාවෙදි. ඇය නවත්වලා තිබුනු වාහනයක් යටට වෙලා වේදනාවෙන් සිටියා. දින කිහිපයකට කලින් සිදුවෙච්ච අන්තුරකිං පස්සෙ අල්වි හමත් එක්ක  එල්ලෙන අත් කෑල්ලක් එක්ක අමාරුවෙං එතැනට කොහොම රිංගුවාද මංදා අතෙං කොටසක්ම ගැලවිලා ගිහිං එයා ඉතුරු උන කොටස බේරගෙන ඇවිත්........ඇය ගාව තිබුනෙ නරක් වෙච්ච මස්වල ගඳ. 


ශිනුකා ඇය මොහොතකට අස් වැසුවෙ යෝගට් එකක් කන්න දීල. ඉන් පස්සෙ ඇයව වෛද්‍ය වරු වෙත යොමු කෙරුනා. ශල්‍යකර්ම හා නොයෙක් වෛද්‍ය වාර්තා වලින් ඇයගේ සරීර සෞඛ‍ය් යහපත් බව දැනගන්ට ලැබුනා. තවත් වීරයෝ කොටසක් බරපැන දැරුවා. ඒ විස්තර මෙතනින් බලන්න

මේ කටයුතු සියල්ල සිදුවෙන අතරේ මුහුදු හතකිං එහා හිටපු සුන්දර හදවතක් ඇති කෙනෙක් අප අමතා ඇය එනතෙක් අල්විව රැක බලාගන්න කිව්වා. ඇයත් එක්ක තමා අල්වි ගෙදර යන්නෙ. ඇය නිරන්තරයෙන් අල්වි ගැන සොයා බැලුවා. අල්විට දුර ඉඳලා ආදරය කෙරුවා. අල්වි ඔබ වාසනාවන්තයි. 

-------------------------------------------------------------------------------

මේ ඉන්නෙ මගෙ ඇල්ෆ්. දඟ මල්ලක්. ආදර ගඟුලක්. කකුල් හතරක්ම ඕනෙ නැහැ බල්ලෙකුට කියල එයා ඔප්පු කරල ඉවරයි. මගෙ අසල්වැසියො කියන්නෙ. "කොහොමට හිටීද කකුල් හතරම හොඳට තිබුන නං" කියල. එච්චරට දඟයි එයා..............මගේ ලෝකෙ තවත් ලස්සන කලේ ඇල්ෆ්. අල්විත් ඒ දේම කරයි මුහුදු හතෙං එහා ඉඳල ආපු එයාගෙ Tali ට.


Tuesday, June 24, 2014

අපිටත් ගෙදර යන්න ඕනැ





 ලුවිස් 









 සුජාතා එක්ක පුරා මාසයක් හිටියා. ලෙඩ හොඳ උනා. ලස්සනට ලොම් වැවුනා. කෑම බෙහෙත් හොඳට වැටුනා.දැං හොඳ කරුණාවන්ත උදවිය ඉන්නවනං එන්න අපිව එක්ක යන්න. චූටි නංගිලා ගෙදර ගියා. අපිටත් ගෙදර යන්න ඕනැ අමතන්න සුජාතා 077 250 8457.

Friday, June 13, 2014

සල්ගාදු නෝනගෙ කට්ටිය

මැයි විසිවෙනිදා හරියට දොලහ වෙනකොට අපේ සල්ගාදු නෝනා බලුපැටව් ටික බෙස්ට් කෙයාර් වෙත ගෙනත් තිබුනා. හැමෝටම නොඅඩුව මැක්කොත් තැන තැන පුල්ලි ගසමින් මතුවෙන රෝගයත් පැතිරෙන ලක්ෂණ පෙන්වමින් තිබුන නිසා, එක්කෙනෙක්ව සම පරීක්ෂාවකට සූරාගනු ලැබුවා. සල්ගාදු නෝනා මා එහියන විටත් මූලික එන්නත් ලබාදී තිබුනා. දැනට අවශ්‍ය කරන ශැම්පු පමණක් ලබාගෙන කට්ටිය එක්ක මම ගෙදර ආවා. ගෙදර ඇති විටමින් බී එක්ක කිරි දෙන්නට තීරණය කලා. සල්ගාදුනෝනා අරං දුන්න කිරි පැකට් එකට පිං. ඒ වගෙම තව කිරි අප්ප කෙනෙකුයි, කිරි අම්ම කෙනෙකුයි කිරි පැකට් පහ බැගිං එවල තිබුන. තව අය බෙහෙත් විටමින් යනාදිය අරන් දුන්නා. සමහරු මුදලින් ආධාර එවලා තිබුනා. ඒ හැමෝටම පිං. 

දැං කට්ටිය ටිකක් ලොකුයි. දාහත්වෙනිදට ඩීඑච් එල් එන්නත දුන්නට පස්සෙ ඔක්කොම හර්. මුලිං පණු බෙහෙත් දීපු දවසෙ නං හරිම යුද්දයක් තිබුනෙ










දැං මේකට්ටියට ගෙවල් හොයාදෙන එක තමා ඉතිරි වෙලා තියෙන්නෙ!!!