Monday, May 30, 2016

සුරතල් සතුන් හා ගංවතුර - සුදානම් වන්න............

ගංවතුර දැන් ටිකටික  බැහැගෙන යමින් පවතී.. එය   සතුටට කරුණකි. පසුගිය කාලයේ සිදුවුණු සිදුවීම් බොහෝ සිත් රිදවන සුළු ඒවාය. එයින් බොහොමයක් සිදුවීම් වලක්වා ගන්නට හැකියාවක් තිබු ඒවා යැයි  අප හට සිතෙන බව කිව යුතුය. නොයෙක විධ සත්ව සංවිධානයන්ට අයත් සාමාජිකයින් බොහෝ කැපවීමෙන් මේ කාලය තුල ජීවිත ගණනාවක් බේරා  ගැනීම පිණිස කාලය වැය කලේ දිවා රෑ  බලන්නේ නැතිවයි.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිකුත් කරන ලද  අලුත් ම වාර්තාවට අනුව කැළණි ගගේ ජල මට්ටම සම්පූර්ණයෙන් ම වගේ සාමාන්‍ය තත්ත්වයට ළඟාවෙමින් තිබේ.. එහෙත් බොහෝ  පැතිවල ගංවතුර සම්පූර්ණයෙන් බැස  යන්න තව දවස් කීපයක්  ගත වේ  යැයි  පැවසේ .

වතුර බැස  ගියත් ඒ පැතිවල ජීවිත යථා තත්ත්වය පත්වෙන්න තව සති ගාණක කාලයක් ගතවේවි.

ඔබ ඔබේ ප්රදේශයේ ගංවතුර වැනි  බිහිසුනු අවස්ථාවකට  මුහුණ දෙන විට, ඔබ නොපතන දෙය වන්නේ ජීවිත හානි සිදු වීමයි. ඒ ඔබගේ සුරතලාගේ ජීවිතය විය හැකියි.

ඔබේ පවුලේ අය හා දේපල මෙන්ම, ජල ගැලීම් කාලය තුල  ඔබේ සතුන් ආරක්ෂා කිරීම සඳහා හොඳම ක්රමය නම් මුලින්ම සැලසුම් සකසා තැබීමයි

ඔවුන්ගේ ආරක්ෂාව සහ සුබසිද්ධිය සඳහා ඔබේ සතුන් හැකිතරම් වියලි බිම් (නෑදෑ හිතවතුන්) වෙත වේලාසන රැගෙන යන්න.


සුරතල් සතුන් හා ගංවතුර - සුදානම් වන්න........................

ඔබගේ සුරතලා හදුනා ගැනීම පිණිස යමක් පළඳන්න. සබඳතා තොරතුරු (microchip and an identity tag, with up to date contact details, on their collar)

ඔවුන්ට ආහාර සහ අවශ්‍ය බෙහෙත් වර්ග රැස්  කර තබන්න.

සැමවිටම ඔබ ගෙදර නැතිවිට යම් හානිකාරී තත්වයක් ඇතිවන්නේ නම් ඔබගේ අසල්වැසියාට මැදිහත් වන ලෙස පවසා තබන්නට ඔබට හැකියි. ඔහු/ඇය  සුරතලාගේ දිවි ගලවාවී.

හදිසි පිටවීම් දොරටු සැම  විටම අවහිර නොකර තබන්න

අවධානයෙන් සිටින්න තොරතුරු දන සිටීම ඉතා වැදගත් කරුණක්. දේශීය රූපවාහිනී සහ ගුවන් විදුලි අනතුරු ඇඟවීම් වලට සවන් දීම හෝ දවසේ පැය 24 ඔබේ ප්රදේශයේ පිළිබඳ තොරතුරු සඳහා SMS සේවාවකට සම්බන්ධ වන්න.



සුරතල් සතුන් හා ගංවතුර - ගංවතුර අනතුරු ඇඟවීමක් තුළ කල යුතු දෑ ...........

 සියලු සතුන් නිවාස තුලට ගෙන, උඩු මහලක් ඇතිනම් ඔවුන් උඩට අරගෙන යන්න

ආරක්ෂිත  වියළි  ආහාර, ඇඳ ඇතිරිලි සහ නැවුම් ජලය උඩු මහලට  ගෙන යන්න.

ප්‍රවාහන කටයුතු වලට භාවිත කරන කුඩු (carrier) ලැහැස්ති කර තබන්න

 හුරු පුරුදු සෙල්ලම් බඩු තබා ගන්න.

අවදානම පහ වන තුරු ගංවතුර අවදානම් ප්රදේශයන්  පිටත ජීවත් වන පවුලේ සාමාජිකයෙකු හෝ මිතුරෙකු වෙත සතුන් රැගෙන යාමට කටයුතු කරන්න

මුද්‍රා තැබූ මල්ලක සුරතලාගේ එන්නත් පොත හා චායා  රුපයක් තබාගන්න. යම් හෙයකින් සුරතලා නැති වුව හොත් ඔබට මෙය උදව්වක් වේවි.

මතක තබාගන්න මේ ගං  වතුරට වඩා  සැර  ගංවතුරක් ඊළඟ වතාවේ ඔබ වෙත පැමිණෙන්නට ඉඩ ඇති බව. ඒ නිසා සැලකිල්ලෙන් කටයුතු කරන්න.


අප හට යම් වැදගත් යමක් මග හැරී ඇති නම් කොමෙන්ටුවකින් එය ඉදිරිපත් කරන්න ස්තුතියි!!!