ඇත්තෙන්ම සතෙක් උනත් මනුස්සයෙක් උනත් මව් කුසෙන් බිහිවෙන්නේ තමන්ගේ ඉරණම අතමිටි කරගෙන. මේ කතන්දරේ කියැවෙන්නෙ එහෙම කුමාරවරු උප්පාද වෙන නැකත් වෙලාවක ඉපදිලා යම්කිසි කරුමෙකට පැය කීපයක් කුණු කානුවක බැහැල ඉන්ට සිද්දවෙච්ච කුක්කෝ කීපදෙනෙක් ගැනයි. එයාල ඉපදිලා තිබුනේ අගෝස්තු 10 වෙනිදා රාත්‍රියේ විය යුතුයි. 11 වනදා දහවල් වෙනවිට චුටි රත් පැහැ ඇතුල් පතුල් සහිත පස් දෙනෙක්ගේ කණ්ඩායමක් වත්තල පැත්තේ කාණුවකට විසිකරලා ගිහින් තිබුනේ බැල්ල විසින් ඉවත් කෙරුණු පෙකණිවැල් වල තුවාල අමු අමුවේ තිබියදීමයි
මෙතැන් පටන් foster mother අපට කී කතාව
"අගෝස්තු එකොලොස් වෙනිදා හවස් වෙනකොට මට ශෝභා පින්තුරයක් එවනවා. එහි තියෙන්නේ කානුවක දමාගිය ඇස් නෑරපු බලු පැටවුන් පස්දෙනෙක්.
ඒත් මට පහුවෙනිදාට යන්ට තිබුනා ඉතාමත් ආදරවන්ත පුතෙකුගේ විවාහ මංගල්ලෙකට . මම ශෝභාට කිව්වා මම 12 වෙනිදා එහි ගිහින් එනතුරු පශු වෛද්‍යවරයෙකුවෙත ඔවුන්ව යොමු කරන්ටය කියා.අලුත උපන් ගමන් මවගෙන් වෙන්කරපු පැටව් ලොකු කරන එක සුළු පටු කර්තව්‍යක් නොවෙයි. එයාලගේ පෙකැනිවැල් හැලිලා තුවාල අමුඅමුවේ තිබුනේ. ඒ අයගේ අම්මා කොච්ච්චර දුකින් ඉන්න ඇතිද? නමුත් ඒ වෙනකොට එම පුවත ගෙනා දැරිවි සචින්තාම එයාලව බලාගන්න බාරගෙන තිබුණා. දෙන්නෙක් එයාගේ යාළුවො ගෙනියලා තිබුනේ.නමුත් ඉන් එක්කෙනෙක් ආපසු ලැබිලා තිබුනා. අනිත් කෙනා එයාලම ලොකු කරනවා කියා වගකීමෙන් ගෙනියලා තිබුනා.
දහතුන්වෙනිදා උදේ සිනාරා බලු පැටවුන් අරන් මගට ආවා. මමත් මගක් දුරට ගිහින් එයාලව භාර ගත්තා. හතර දෙනාම කිරි බීල හිටියට අම්ම නැති කාන්සියට එකිනෙකාගේ බඩවත උරනවා. ගෙදර ගෙනත් සාත්තුව පටන්ගන්නකොටම දැනෙනවා එක්කෙනෙක් ටිකක් අප්‍රාණික ගතියකින් ඉන්න බව. පසුදා ඔහු මිය යනවා. එදා දවස හරිම වෙහෙස කාරීයි. නමුත් යසස් ශෝභා හා මනොජාගේ පැමිණීමත් සමගම හිතේ තිබුණු බර නොසැහෙන්න සැහැල්ලු උනා. පණ අදිමින් හිටි පැටියා මනොජගේ උකුලේම මියගියා.අනිත් තුන්දෙනාට නිදන්ට උණුහුම් සෙල්ලම් බඩු පෙට්ටි කිරිබෝතල් සුප්පු හා විශේෂයෙන්ම වැදගත් වන බලු පැටවුන්ට විශේෂිත කිරි වර්ගය ඔවුන් ගෙනත් තිබුනා. ඔවුන්ගේ ජීවිත වලට බලාපොරොත්තු සහගත ආරම්භයක් ලබාදෙන්ට මේ අයට හැකි උනා.
මේ අය උණුහුමෙන් තියන්න හරි වෙහෙසක් වුනා අපි. නිතරම ශෝභා ගෙනත් දුන්නු ටෙඩි බෙයාස් ලා Hair dryer එකෙන් රත් කරලා ඒ අය අතර තියලා ඒ අයව උණුහුම් කළා. එයාල නිදන රෙදි වලට යටින් උණුවතුර බෝතල් තියන්ට සිදු උණා. මේස් කකුල් අන්දවලා තිබ්බේ.
මේ අයට අවශ්‍ය එළු කිරි ලබාදුන් අයට ගොඩක් පිං දැන් එයාලට පණු බෙහෙත් දීල කෑම කන්ට පුරුදු කරලා තියෙන්නේ.
දැන් අමාරු හරිය ඉවරයි. නිදිමරන්ට පැය දෙකෙන් දෙකට තුනෙන්තුනට කවන්ට පොවන්ට උවමනා නැහැ. පැය හතරෙන් හතරට කිරි මිශ්‍ර ඝන ආහාර දෙනු ලබනවා.
මේ අය ලොකු කර ගන්නට වෙහෙසෙන අතරේ මා හට ලෙඩ රෝග පීඩා වූ අවස්ථා වලදී සහය දැක්වූ සායක්කාර දෝණි වරුන්ටද උයාපිහා කෑම අරන් ආ මගේ නෑනාටද අමාරු අවස්ථා වලදී හරි තීරණය ගන්නට උදව්කල මනෝජාටද (විස්මකර්ම කරන, වඩාත් අත්දැකීම් ඇති, හසල දැනුමකින් යුතු Foster Mom) නොයෙක් ලෙස වක්‍රව හෝ ඍජුව උපකාර කල හැමටමද කට්ටියට කිරි සපැයු පිරිසටද පිං. මෙයාලට කිරි දුන් අයගෙන් හුඟ දෙනෙක් විසාකාවෝ වීම විශේෂයක්.
ඒ වගේම විශේෂයෙන් ප්‍රතිභා මතක්කළ යුතුමයි කාණු කුමාරවරු වචනයේ පරිසමාප්ත අර්ථයෙන් කුමාරවරු වනු ලැබුවේ ඔවුන්ට සොයාදුන් නිවාස නිසාමයි. ඔවුන් දෙදෙනෙකුටම නිවාස සොයා දුන්නේ ඇයයි. අදට ඔවුන්ට වයස මාස දෙක පිරෙනවා. මේ අය ගැන කතා කරනකොටඅසංක හා රුවන්ති යන දොස්තර වරු අමතක කරන්නට බැහැ. අද මගේ ගෙය හිස් උනත් හිත පිරී ඇත්තේ ලොකු සතුටකින්. Don අද Rio නමින්ද Fred අද Rower නමින්ද Cecil අද Prince නමින්ද මන්දිර වල ලොකු ආදරයක් ලබමින් ජීවත් වෙනවා."
මේ අයගේ අනෙකුත් පින්තුර මෙතනින්
මේ සතුටු කතාවෙත් දුක්බර පැත්තක් තියෙනවා. පාරට වැටිලා මුල් අවදියේම ජීවිතෙන් සමුගත් Rick මේ ඉන්නේ. කාණුවට විසිකලේ ඉපදුන ගමන්මනේ. එයාට එක ඔරොත්තු දුන්නේ නැහැ. එයා ජීවත් වෙච්ච ටික කාලේ උපරිමෙන් ආදරේ වින්දා. ලෙඩවෙලා කියලා දැනගත් මොහොතේ පටන් හදවතේ රිද්මයෙන් ජීවත් කරන්නට පපුව මත රඳවාගෙන පැය ගණනක් හිටියා ඒත් එයා මනොජාගේ උකුලේ මියැදුනා එයාව පාරට ගෙනත් දමපු නරුමයා එයාව මරුවා.
මේ පින්තුර දකිනකොට කොච්චර දුක උනත් මේ විදිහට ලෝකෙට කියන්නේ ආයෙත් නම් පුංචි පැටව් නොමිනිසුන් වගේ කානු පල්ලකට අතහැරලා ගිහින් හිත පිත් නැතිව ජීවත් වෙන්නට එපා කියලා කියන්ට ඕනෑ නිසයි ................
Saturday, October 10, 2015
Thursday, September 3, 2015
කඳුළු කතාවක් සොඳුරු කතාවක් බවට පත්කරගනිමු. A Foster Mother's story!
අගෝස්තු එකොලොස් වෙනිදා හවස් වෙනකොට මට ශෝභා පින්තුරයක් එවනවා. එහි තියෙන්නේ කානුවක දමාගිය ඇස් නෑරපු බලු පැටවුන් පස්දෙනෙක්.
ඒත් මට පහුවෙනිදාට යන්ට තිබුනා ඉතාමත් ආදරවන්ත පුතෙකුගේ විවාහ මංගල්ලෙකට . මම ශෝභාට කිව්වා මම 12 වෙනිදා එහි ගිහින් එනතුරු පශු වෛද්‍යවරයෙකුවෙත ඔවුන්ව යොමු කරන්ටය කියා.අලුත උපන් ගමන් මවගෙන් වෙන්කරපු පැටව් ලොකු කරන එක සුළු පටු කර්තව්‍යක් නොවෙයි. එයාලගේ පෙකැනිවැල් හැලිලා තුවාල අමුඅමුවේ තිබුනේ. ඒ අයගේ අම්මා කොච්ච්චර දුකින් ඉන්න ඇතිද? නමුත් ඒ වෙනකොට එම පුවත ගෙනා දැරිවිම එයාලව බලාගන්න බාරගෙන තිබුණා. දෙන්නෙක් එයාගේ යාළුවො ගෙනියලා තිබුනේ.නමුත් ඉන් එක්කෙනෙක් ආපසු ලැබිලා තිබුනා. අනිත් කෙනා එයාලම ලොකු කරනවා කියා වගකීමෙන් ගෙනියලා තිබුනා.
දහතුන්වෙනිදා උදේ සිනාරා බලු පැටවුන් අරන් මගට ආවා. මමත් මගක් දුරට ගිහින් එයාලව භාර ගත්තා. හතර දෙනාම කිරි බීල හිටියට අම්ම නැති කාන්සියට එකිනෙකාගේ බඩවත උරනවා. ගෙදර ගෙනත් සාත්තුව පටන්ගන්නකොටම දැනෙනවා එක්කෙනෙක් ටිකක් අප්‍රාණික ගතියකින් ඉන්න බව. පසුදා ඔහු මිය යනවා. එදා දවස හරිම වෙහෙස කාරීයි. නමුත් යසස් ශෝභා හා මනොජාගේ පැමිණීමත් සමගම හිතේ තිබුණු බර නොසැහෙන්න සැහැල්ලු උනා. පණ අදිමින් හිටි පැටියා මනොජගේ උකුලේම මියගියා.අනිත් තුන්දෙනාට නිදන්ට උණුහුම් සෙල්ලම් බඩු පෙට්ටි කිරිබෝතල් සුප්පු හා විශේෂයෙන්ම වැදගත් වන බලු පැටවුන්ට විශේෂිත කිරි වර්ගය ඔවුන් ගෙනත් තිබුනා. ඔවුන්ගේ ජීවිත වලට බලාපොරොත්තු සහගත ආරම්භයක් ලබාදෙන්ට මේ අයට හැකි උනා.
මේ අය උණුහුමෙන් තියන්න හරි වෙහෙසක් වුනා අපි. නිතරම ශෝභා ගෙනත් දුන්නු ටෙඩි බෙයාස් ලා Hair dryer එකෙන් රත් කරලා ඒ අය අතර තියලා ඒ අයව උණුහුම් කළා. එයාල නිදන රෙදි වලට යටින් උණුවතුර බෝතල් තියන්ට සිදු උණා. මේස් කකුල් අන්දවලා තිබ්බේ.
මේ අයට අවශ්‍ය එළු කිරි ලබාදුන් අයට ගොඩක් පිං දැන් එයාලට පණු බෙහෙත් දීල කෑම කන්ට පුරුදු කරලා තියෙන්නේ.
දැන් අමාරු හරිය ඉවරයි. නිදිමරන්ට පැය දෙකෙන් දෙකට තුනෙන්තුනට කවන්ට පොවන්ට උවමනා නැහැ. පැය හතරෙන් හතරට කිරි මිශ්‍ර ඝන ආහාර දෙනු ලබනවා. මේ අයව ආදරෙන් බලාගන්න අයියල අක්කල ඉන්න ගෙවල් තුනක් මම හොයනවා.
තවත් පින්තුර මෙතනින් බලන්න පුළුවන්

Tuesday, March 10, 2015
අපේ හාප(ර්)
මම මාස දෙක හමාරක විතර බලු පැටියෙක් බෙහෙත් විදලා වඳ සැත්කම කරලා
පනුවෝ හලලා තියෙන්නේ. පුංචි කාලේ ගොඩක් දුක් වින්ද පැටියෙක් මගේ
අයියා කෙනෙක් බස් එකකට යටවෙලා මැරුණා. තව නංගියෙක් ලෙඩවෙලා
මැරුණා. තවත් ලෙඩ අයියා කෙනෙක් නෝනා කෙනෙක් අරන් ගිහින් සනීප
කරලා හදන්ට බාරගත්තා. එයා එහේ සතුටින් ඉන්නවා. තව නංගියෙක් ලොකූ
ඉඩමක් තියන කෙනෙක් ගෙනිච්චා. අනිත් අය ඔක්කොවන්ටම ගෙවල් ලැබුනා
මම තාම දුකින් බලා ඉන්නවා මගේ අම්මා මාව බලන්න එනතුරු. අපව පාරට
දමපු අය අපි කබරයෝ කෑවත් කමක් නැහැ කියල තමා මහා වැස්සේ දාල
ගියේ. ADSL අයියල අක්කලාට පින්සිද්දවෙන්න අපිට වැඩිකල් පාරේ
ඉන්න උනේ නැහැ දෙන්න දෙන්නා එක එක ගෙවල් වලට දුන්න බලාගන්න
කියලා. නමුත් ඒ ගෙවල් වලත් වස බව්වෝ ඉන්නවා. අපිට ඉන්ට දීල
තියෙන්නේ පුංචි ඉඩක. එත් අපි ඒ ආන්ටිට ආදරෙයි මොකද එයා අපිට දවස
පුරා කවලා කිරි පොවලා නාවලා මැක්කෝ සුද්ද කරලා අපිව ආදරෙන් බලා
ගන්න නිසා එත් අපිට ගෙදර යන්න ඕනෑ අනේ මාව ගෙදර එක්ක යන්නකෝ
මං මග බලන් ඉන්නවා
ඔයාලට මතකද ඒ අහිංසක ඉල්ලීම?
ඇගේ පින්තුරෙත් එක්ක ඇගේ ජීවිත කතාව අපේ පිටුවේ පළවෙලා
මිනිත්තු ගණනක් යනකොට CAN WE HAVE HIM?? කියල අපෙන්
ඇහුවේ ප්‍රවීන යතුරුපැදි ධාවක රුවන් පීරිස් මහතා. එදාට යෙදී තිබුණු
සිය ප්රියම්භිකාවගේ උපන්දිනය නිමිත්තෙන් ඇය හට පරිත්‍යාග කරනු
පිණිස ඔහු මේ පුංචි බලු පැටවා ඉල්ලා සිටියා. පැටවා ගැහැණු
සතෙකු බව දැනුවත් කෙරුණා. ඉතාම ඉක්මනින් ඔහු වෙතඇයව
අපි යොමුකළේ. pet taxi එකක් යොදවාගෙන. රුවන් පීරිස් මහතා
පෙරගමන් ඇවිත් පැටියා භාරගත්තේ ඇගේ එන්නත් පොත් ආදියත්
සමග. ඒ මොහොතේ පටන් ඇගේ ජීවිතය වෙනස් වෙන්නට
පටන් ගත්තා. මහා ලොකු ආදර ගඟක් ගලා ගියා.
අම්මෙක්, තාත්තෙක්, අක්කෙක්, සෙල්ලමට තව
ගාම්භීර බලු පිරිසක් එහි හිටියා. ජීවිතය සුන්දර වෙන්නට පටන් ගත්තා.
අම්මා ඇයට බේත් හේත් කළා. නිදන්ට ලස්සන සැප ඇඳක් දුන්නා.
යන යන තැන එක්ක ගියා. අන්තිමට ඇය ඔවුන්ගේ හා ඔවුන් ආදරය
කරන සැමගේ ජීවිත වල කොටසක් උනා. අපි ඔබ සැමට
සුබ පතනවා කෙල්ලේ! ලෝකේ හැම බලු පැටවෙකුටම මෙවන්
ආදරවන්ත පවුල් ලැබේවා කියා පතනවා!
Subscribe to:
Posts (Atom)