Sunday, October 5, 2014

අපේ රෝසි ගෙදර ගියා




රෝසි ගැන මුලින්ම අපට කිව්වේ තරංග.  මාලබේ ස්ලිට් ආයතනයේ වාහන අංගනයක උපන් පැටවුන්ගෙන් කෙනෙක් ඇය. මාස එකහමාරක් යනකොට අම්මට රෝසිගැන උනන්දුව අඩු උනේ රෝසිගේ සහෝදරයින්ව එක එක්කෙනා ගෙනිච්ච හින්දද කියල හිතාගන්න බැහැ. කාගේත් ආදරය ලබමින් රෝසි හොඳින් පෝෂණය වී සිටියා.






ඇය මට ලැබෙන්නේ සැප්තැමබර් 20 වෙනිදා එදාම තමා මගේ මිනිපිරියක් වෙන පුංච් අශානා මට මුනගහෙන්නෙත්. අශානා ඇයට රෝසි කියා නම් තබනවා.


රෝසි කිලිටි පාටට හිටියට හරිම නිරෝගී පැටියෙක්. පුළුවන් ඉක්මනට ඇය නහවා පිරිසිදුකර අවශ්‍ය එන්නත් ලබාදී අප යට නිවසක් හොයන්ට පටන් ගත්තා. කිහිප දෙනෙක්ම රෝසිව ඉල්ලුවත් අපට එපමණ දුරක්  එකවිට යවන්ට පුළුවන් කමක් තිබුනේ නැහැ. සමහර අවස්තාවලදී අපට ඉන්දියාවෙන් හා ඉතාලියෙන් පවා ඇමතුම් ලැබුනා.    නමුත් මොකක්දෝ හේතුවකට මේ කිසිදෙයක් කෙරුනේ නැහැ.










රෝසි වාහනවල  පුංචි දුරක් යනකොට වමනය කරන්ට පටන් ගන්නවා එය අපිට ලොකු ප්‍රශ්නයක් උනා. ඒ අතර නිරෝගී රෝසි ඉක්මනින් ලොකු මහත් වෙන්න පටන්ගත්තා. නිසි බර පිරුණු නිසා ඇය ව්‍යන්දීකරණය කරනු ලැබුවා. එයාගේ නළලේ කොටලා තිබුණු හැටියට එයාගේ ගෙදර අම්මා මා දිනක් අමතා ඇහුවා "රෝසි තාමත් ඉන්නවා නේද?" කියා එහෙ රෝසිට සෙල්ලම් කරන්න තව බල්ලෙක් ඉන්නවා. එයාගේ නම Dalfor. එයත් වීදි බලුපැටියෙක්. එයාවත් ලස්සනට හදල තියෙනවා එයාලා.

මොනවා උනත් රෝසි ඉන්නකොට ගේ පිරිලා. රෝසි කියන්නේ දඟ මල්ලක්. ඊයේ හවස් ජාමේ අපි රෝසිව රෝසිගේ ගෙදරට ඇරලුවා. එයාගේ පොතයි, සෙල්ලම් බඩුයි, කෑම මල්ලයි, නෝටි වැඩ කරනකොට තරවටු කරන කඩදාසි කෝටුවයි එක්ක. ඒ ගෙදර රෝසිවගේ පොඩිත්තියකට කියාපු තැන. ලස්සන තණකොළ පිරුණු මිදුල, බල්ලන් කුඩු කරන්නේ නැති අම්මල තාත්තලා. තනියට බලු අයියෙක්. ආදරෙන් කෑම හදල දීල රෝසිව වඩාගෙන ඉන්න ආස අම්මෙක්. ආයෙත් මම දුක නැතිව පැටික්කියෙක්ව දාල ආවා.

2 comments:

  1. Awww a happy "tail" there. Happy for you pretty girl :*

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete