
මතකද? මේ අපේ ඔලී. සෙල්ලං කරකර හිටපු ඔලීව මම වඩාගත්ත..

කාර් එකට නංවලා එයාට පහසු විදියට ආසන පනවාගත්තා.

ගමන අන්තයේ අපි නැවතුනේ මේ ගෙදර ඉදිරිපිට

ඔලීව පිළිගන්ට අම්මා එලියට ආවා. ඔලී පුරුදු තැනක් වගේ ඇතුලට ගියා

ඔය ඉන්නෙ යාලුවෙකුත්.

ඉතිං අපි එයාලට බායි කියල එන්ට හැරුනා.මට සහතිකයි ඔලී ගියෙ එයාටම ඔබින ගෙදරට කියල.

මම අද මේ ගමන පිටත් උනේ මට හිත හදාගෙන ගෙදර එන්ට ලැබෙයි කියලා නං නොවෙයි. නමුත් ගියාට වඩා සතුටිං මම ගෙදර ආවා. ඔලීට ඉතාමත් හොඳ යහපත් පවුලක රැකවරණ ලැබුනා. ඔලී සැබෑ වාසනාවන්තියක්. අද ඔලී හිටපු තැන පාලුයි. මට දුක නැහැ ඇත්තෙන්ම. ඔක්කොටම වැඩිය මට හිතගියෙ ඒ ගෙදර එයාට ලැබුන නිදහස ගැන. කොහෙත්ම බැඳ තැබීම්. කූඩු කිරීම් නැහැ. හිතු අත දුවන්න නිදහස ඔලීට තියෙනවා.දැල් වැටක හා ලොකු ගේට්ටුවක ආරක්ෂාව ලැබෙනවා. පවුලක උණුසුම් සෙනෙහස ලැබෙනවා. හැම වීදි බලු පැංචෙකුටම මේ වාසනාව ලැබෙන්ට කියා පතනවා. ඒ අය වෙනුවෙන් වෙන යමක් පතන්ට අවශ්‍ය නැහැ. ඔක්කොම එතැන තියෙනවා.
No comments:
Post a Comment