Monday, April 21, 2014

ඇල්ෆ් සතුටින්...............


සමහර ගෙවල් වල උදවිය බල්ලො හදන්ට කැමති නැහැ. මට නං බල්ලෙක් නැති ගෙදරක් ගැන හිතාගන්ට බැහැ. මේ අපේ කතාව. 

අපි දරුවො දෙන්නත් අරං ලංකාවට එනකොට අපිට පදිංචි වෙන්ට තිබුනෙ කලකට ඉහතදි අරං දාපු තට්ටු නිවාසයක්. ඒකෙ බල්ලො හදන්ට බැහැ. අපිටත් ඉන්ට ඉඩකඩ මදි. ඒ නිසාම ඉක්මනට ගේ පොඩ්ඩක් හදන්ට අපි පටං ගත්ත. ඒ අතර තුර කාලෙ අපේ දුව ලෙඩ උනා නිතර නිතරම. ලෙඩක් හරියට හොයා නොගත්තත් viral infection එකක් කියල කියන්නට දොස්තරවරු සමත් උනා.

අවසානෙදි අපේ අක්ක දරුවට ලස්සන බලු පැටියෙක් ගෙනාව ලෙඩ බලන්ට එනකොට. එයාගෙ නම ටොමී. එයත් දරුවො එක්කම ලොකු උනා. අවුරුදු 15ක් විතර ජීවත් උන ටොමී මැරෙනකොට ඇස් දෙකම අන්ධ වෙලා තිබුනෙ. නමුත් හිතේ හෝදිසියට මතකයත් ඉවත් තිබුන නිසා එයාට ඒක ලොකු ප්‍රශ්නයක් උනේ නැහැ. ලෝකදමේ හැටියට එයත් වයස යනකොට ටික ටික ලෙඩ උනා. නමුත් දක්ෂ වෛද්‍යවරු එයාට හැදුනු පිලිකාව සුවකලා. පරම ආයුෂත් ආදරයත් විඳල  හරියට ආදරවන්තයින්ගෙ  දිනයෙදි එයා ජීවිතයෙන් සමුගත්ත.
Tommy
මම ටොමීට තවමත් ආදරෙයි



Poddi and Soulie

 ටොමී ඉන්න අතර කාලෙදි මගේ මාමට අයිති බල්ලෙක් මට බාර ගන්ට උනා මාමාගෙ වියෝවෙන් පස්සෙ. එයාගෙ නම සුලී. එයා හරි හැඩකාරි. වෙළඳ දැන්වීම් වලට පවා පෙනී ඉඳල තියෙනව. සුලී අපේ ගෙදරට ඇවිත් ටිකක් කල් යනකොට තවත් අමුත්තියක් අපිට එකතු උනා. එයා තමා පොඩී. කලක් යනකොට සුලීට පියයුරු පිලිකා හැදුනත් ආයෙත් අපේ වෛද්‍ය කන්ඩායම ශල්‍යකර්ම මාර්ගයෙන් ඇයව සුවපත් කලා. පොඩිත් සුලිත් කාලයක් සතුටින් හිටියා. අවුරුදු 15ක් විතර ජීවත් උන සුලී ටික ටික දුර්වල වෙමින් හිටියෙ. මම ලඟ නැති අවස්තාවකදි ඇයත් මෙලොව හැරල ගියා. පොඩී තනි උනා. පොඩී පිස්සු හැදුන ගානට හිටියෙ. නිතර හඬන්ට උනා. සුලී මියගිය තැන පහුරු ගාන්ට උනා. එයාගෙ තනිය මකන්ට අපි පුලුන් ව ගෙනාවා.


Soulie At Best care


Pulun


Alf drinking milk


පුලුන් අපිට ලැබෙනකොට මම හිතුවෙ නැහැ ආයෙත් බල්ලෙක් ගන්නට මගෙ හිතේ වත් අපේ ගෙදර වත් ඉඩ තියේවි කියලා. නමුත් එක දවසක් හසී ලස්සන කකුල් තුනක් තියෙන පැටියෙකුගෙ ෆොටෝ එකක් දාල තිබුනා හදන්ට දෙන්ට තැනක් හොයනව කියලා. මට දෙපාරක් හිතන්ට මගෙ හිතම ඉඩ දුන්නෙ නැහැ. මම එයාව ඉල්ලුව. පහුවදා හසී ලස්සන පැටියව අරගෙන අපේ ගෙදර ආවා. එදා හසී ගෙනාවෙ කකුල් තුනක බල්ලෙක් නොවෙයි ආදර දඟ මල්ලක්. උඩ පැන පැන යන ලස්සන. කට්ටියට ටිකක් කසන ගතියක් තිබුනත් බෙහෙත් කරන කොට ඒ ගතිය ඇරිල ගියා. පැය  ගානෙං ගානට කිරි හදල පොව පොවා මම එයාව ලොකු කලා. එයා මට තියෙන ආදරය විස්තර කරන්ට මට වචන නැහැ. කාටද කියන්ට පුලුවං මේ ඉන්නෙ මහපාරෙ/ජාතික පොළේ හිතක් පපුවක් නැතිව මැරෙන්ට දාල ගිය පැටව් කියල? ඒ දාල ගිය අය ආවත් මගෙ පැටවු එයාලට වලිගෙ වනාවි. එහෙමයි මගෙ පැටවු ආපස්සට ආදරය කරන්නෙ.

පසු ලිපි: මට ජීවිත්යෙ ලැබුන බල්ලන් අතරින් මාගේ පලමු කැමැත්ත  මගෙ ඇල්ෆ් ට තමා. <3



එයාගෙ වම් අත කොටයි. නමුත් එයා අනිත් අයටත් වඩා වේගවත්.



බඩ පිරෙන්ට කුක්කු බිව්ව වෙලාවක්




බත් දීපු පලමු දවස





















ඇල්ෆ් දැන් ලොකුයි!!!!

No comments:

Post a Comment