Sunday, April 27, 2014

මෙච්චර අහිංසක මූණක් දිහා බලාගෙන රතිඤ්ඤා දාන්න තරම් ඒ මිනිස්සු කොයි තරං පහළ තත්වෙකට වැටිලද?


අප්‍රේල් නමවෙනිද එලිවෙනකොට අපිට අහන්ට ලැබුනෙ හරියට දුක හිතෙන කතාවක්. අපිට ලැබිල තිබුණු පනිවිඩේ හැටියට බඩදරු අම්මගෙ ඇඟට රතිඤ්ඤා පත්තුකර දමමින් ඇය ප්‍රදේශයෙන් පලවා හැරීමට මිනිසුන් කටයුතු කරමින් උන්නා. ඇය රතිඤ්ඤා වලට බියේ හඬමින් පාරපුරා දුව ගියෙ කොහේ හෝ මුල්ලක් සොයාගෙන සැඟවෙන්න. තව දින කිහිපයකිං මෙලොව එළිය දකින්නට පරාන හයක් ඇයගෙ කුස තුල බලාන හිටියා. මෝරා වැඩුනු කුසත් කිරි දෙන්නට සැකසෙන බුරුල්ලත් නොමිනිසුන්ට අප්‍රිය ජනක දසුනක් උනා. මේ තියෙන ෆොටෝඑක අපි අපේ මුහුණු පොතේ බිත්තියෙ එල්ලුවෙ ඇයට උදව් පතාගෙනයි.

බෙල්ලන්තර ප්‍රදේශයේ හිටපු ඇයව තාවකාලිකව බලා හදාගන්නට නිලූ භාරගත්තා.අවසානයේ පසුගිය 17 වෙනිදා ඇය පැටවුන් 06ක් බිහිකලා. ඇය විඳි අපරිමිත කම්කටොලු නිසාදෝ පැටවුන් තුන්දෙනෙක්ම ජීවත් වීමට වරම් ලැබුවෙ නැහැ.  තාවකාලිකව භාරගත්තත් නිලුට ඇය අත්හරින්නට බැරි තරමට ඇය නිලුට සමීප උනා. එනමුත් ඇය අනිත් උදවියට බයයි. බය නිසාම ටිකක් ගොරවනවා. අවසානයේ නිලුයි පවුලෙ සැමයි තීරණය කලා ඇයට සදාකල් රැකවරණය ලබා දෙන්නට. 




මේ ඉන්නෙ බරෙං නිදහස් වෙච්චි අම්මා. ඇයට අමතන්නෙ මස්කාරා කියල. හැබෑටම එහෙම අඳුන් ගල්වපු දෑසක් නේද ඇයට හිමිවෙලා තියෙන්නෙ?

පැටවුන්ගෙ විස්තර ඊළඟ පෝස්ටුවෙන් ඔබ වෙත ගෙන එන්නම්. ඇයහට සුවපහසු දරු උපතක් ලබා දීමට දායක වූ සැමට පිං. මුදලින් ආධාර කල සැමටත් පිං. හැමෝටම  ස්තුතියි.
නිලූ, මේ කල පින ඔයාටත් ඔයාගේ ආදර දියණියන්ටත්, පවුලේ සැමටත් පල දේවි. අපි ඔබට ආදරෙයි නිලූ!!!!


No comments:

Post a Comment